විවිධ වර්ගයේ ජීව උණ්ඩ 105 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

පොලිස් විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ නිලධාරීන් 2024.08.04 වන දින මාහේන පාර, සියඹලාපේ ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට දී යතුරු පැදියකින් ගමන් ගනිමින් සිටි 36 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

සිදුකල පරීක්ෂාවේදී ඔහු සන්තකයේ තිබී හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 44, මිලි ග්‍රෑම් 400 ක්, විවිධ ප්‍රමාණයේ ජීව උණ්ඩ 105 ක්, ජාවාරමෙන් උපයා ගත් බවට සැක කෙරෙන මුදලින් රුපියල් 100,000 ක් සහ ජංගම දුරකථන 01 ක් මෙන්ම විද්‍යුත් තරාදියක් හමුවී ඇත.

දහම් මාවත, හෙයියන්තුඩුව ප්‍රදේශයේ පදිංචිය සනාථ වී ඇති මෙම සැකකරු විදේශගතව සිටිමින් මෙරට සංවිධානාත්මක අපරාධ මෙහෙයවන ගොත අසංක නම් අයගේ ගෝලයෙකු ලෙස හඳුනාගෙන ඇති අතර වැඩිදුර විමර්ශන සඳහා සැකකරු සපුගස්කන්ද පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.