රිය නියාමක පාසල් සිසුන් දැනුවත් කෙරෙන වැඩසටහන් මාලාවේ තවත් අදියරක්

රථවාහන පාලනය හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ මහතාගේ නායකත්වය සහ අධීක්ෂණය යටතේ කොළඹ රථවාහන මූලස්ථානයේ සේවයේ නියුතු පොලිස් නිලධරයන් සමස්ථ දිවයින ආවරණය වන පරිදි පැවැත්වීමට සැලසුම්කර ඇති මාර්ග ආරක්ෂාව පිළිබඳව පාසල් දරු දැරියන් දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවේ තවත් වැඩමුළු 04 ක්, පොලිස් වසම් 04 ක් තුලදී පාසල් දුවා දරුවන් 2000කගේ පමණ සහභාගීත්වයෙන් සාර්ථකව පවත්වා ඇත.

2024.07.23 වන දින තන්තිරිමලේ පොලිස් වසමේ දී, 2024.07.24 වන දින ගල්කිරියාගම පොලිස් වසමේදී, 2024.07.25 වන දින අහුංගල්ල පොලිස් වසමේදී, 2024.07.26 වන දින හුංගම පොලිස් වසමේදී පැවැත්වූ එම වැඩමුළු සඳහා මෙවරද ෆෙයාර්ෆස්ට් ඉන්ෂුවරන්ස් (Fairfirst Insurance) පුද්ගලික ආයතනය අනුග්‍රහය ලබාදී තිබේ.

එම අනුග්‍රහය යටතේ වැඩමුළුව අතරතුර රථවාහන පොලිස් නිලධාරීන් යොමුකළ ප්‍රශ්න සදහා නිවැරදි පිළිතුරු ලබාදුන් රිය නියාමක සිසුන් හට ත්‍යාග ප්‍රධානයක් සහ වැඩමුළුව සඳහා සහභාගී වූ දරු දැරියන්ට සහතිකපත් ලබාදීමටද රථවාහන මූලස්ථානයේ නිලධාරීන් කටයුතු කර ඇත.
වැඩමුළුව මෙහෙයවීම සහ දේශන පැවැත්වීම උප පොලිස් පරීක්ෂක දයාල් කාරියවසම් මහතා ඇතුලු රථවාහන මූලස්ථානයේ නිලධාරීන් විසින් සිදුකර තිබේ.