ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතා ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (පරිපාලන) ලෙස පත් කරයි.

මධ්‍යම පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (පරිපාලන) තනතුරේ වැඩ බැලීම සඳහා පත් කර ඇත.

2024.08.01 වන දින රැස්වූ ජාතික පොලිස් කොමිෂන් සභා සැසි වාරයේදී මෙම තීරණය ගෙන ඇති අතර ඒ අනුව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතා මධ්‍යම පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරේ රාජකාරි වලට අමතරව ශ්‍රී ලංකා පොලිසියේ පරිපාලන භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරේ රාජකාරිද ආවරණය කරනු ලබයි.