අධි සංවේදී ස්කෑන් යන්ත්‍රයක් භාවිතයෙන් මන්නාරම් භූමිය පිරික්සමින් සිටි පිරිසක් අත්අඩංගුවට

මන්නාරම පොලිස් වසමට අයත් තාරාපුරම් ප්‍රදේශයේ භූමි කොටසක් 2021.07.21 ව දින අධි සංවේදී ස්කෑන් යන්ත්‍රයක් භාවිතයෙන් පරීක්ෂාකරමින් සිටි යුධ හමුදා ලුතිනන්වරයකු සහ තවත් සැකකරුවන් තිදෙනෙකු මන්නාරම පොලිස් වි‍ශේෂ කාර්යය බලකා කඳවුරේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

යුධ සමයේදී එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදී සංවිධානය විසින් උතුරු පළාත තුල වලදමා සඟවා ඇති අවි ආයුධ සහ රත්ත්‍රං වැනි වටිනා දෑ සොයාගැනීම සඳහා මෙසේ නිසි අවසරයකින් තොරව තාක්ෂණික පරීක්ෂාවක් සිදුකරේද යන්න තහවුරු කරගැනීම සඳහා මන්නාරම පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.

යුධ හමුදා ලුතිනන්වරයා වයස අවුරදු 49 ක් වූ කුරුණෑගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. අනෙක් සැකකරුවන් තිදෙනා වයස අවුරුදු 29 ත් 62 ත් අතර වන කඩුවෙල, වව්නියාව, අනුරාධපුර යන ප්‍රදේශයන්හි පදිංචි අයවළුන්ය.
අධි සංවේදි උපකරණය සහ ඔවුන් සතුව තිබූ ලැප්ටොප් පරිගණක්ද ඒ සමඟ අත්අඩංගුවට ගෙන මන්නාරම පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.