අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 96 ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට

පෑලියගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් 2024.07.22 වන දින උදෑසන අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 96 ක් සන්තකයේ තබාගෙන නුගේ පාරේ රැදී සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු වයස අවුරුදු 46 ක් වන පෑලියගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

පෑලියගොඩ පොලිසිය සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.