වලදමා සඟවා තිබූ විදෙස් රටක නිෂ්පාදිත ගිනි අවියක් පොලිස් භාරයට

ශ්‍රී ලංකා පොලිසියේ දැනුම් දීම පරිදි ජාත්‍යන්තර පොලිසිය විසින් නිකුත් කල රතු නිවේදන මත ඩුබායි පොලිසිය විසින් ඩුබායි රාජ්‍යයේදී අත්අඩංගුවට ගෙන 2024.07.12 වන දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දුන් රණවක සුසිල් පෙරේරා යන අය වෙඩි තබා ඝාතනය කළ සිදුවීමට අදාළ සැකකරුවෙකු ගිනි අවියක් සඟවා ඇති ස්ථානයක් පිළිබඳව අනාවරණයක් සිදුකර තිබේ.

ඒ අනුව මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් නුගේ‍ගොඩ, ජම්බුගස්මුල්ල මාවත ප්‍රදේශයේ පාළු නිවසක් ආසන්නයේ වළදමා සඟවා තිබූ විදෙස් රටක නිෂ්පාදිත බලපත්‍ර නොමැති පිස්තෝල වර්ගයේ ගිනි අවියක් 2024.07.22 වන දින දහවල් සොයාගෙන ඇත.

මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් ගරු අධිකරණයෙන් අවසර ලබා මෙම සැකකරු දින 90 ක් රඳවාගෙන ප්‍රශ්න කිරමින් සිටී.

සොයාගත් ගිනි අවිය හා සැකකරු සම්බන්ධයෙන් මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය වැඩිදුර විමර්ශන සිදුකරයි.