අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවකු අත්අඩංගුවට.

බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් වැටලීමක් සිදුකර 2024.07.21 වන දින ගලවිලපුර ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 60 ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවකු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 27 ක් වන හෝමාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.