ගල්වලක ගිලුනු එකම පවුලේ තිදෙනෙකුගේ මෘත දේහ සොයාගෙන

තිස්සමහාරාම පොලිස් වසමේ සාමගුලිය ප්‍රදේශයේ ගල්වලක 2024.07.21 ව දින සවස දියනෑමට ගොස් ඇති මවක් සහ ඇගේ දියණියන් දෙදෙනාගේ මෘත ශරීර 2024.07.22 වන දින උදෑසන එම ගල් වල තුල තිබී සොයාගෙන තිබේ.

පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් අඩි 15 ක් පමණ ගැඹුරට කිමිදී වයස අවුරුදු 09 ක් සහ 14 ක් වූ දියණියන්ගේ මෘත ශරීර සොයාගෙන ගොඩගෙනවිත් ඇති අතර වයස අවුරුදු 33 ක් වූ මවගේ මෘත ශරීරය ගල්වල මතුපිට තිබියදී ගොඩගෙන ඇත.

ජූල්මල්ලම, කාවන්තිස්සපුර ප්‍රදේශයේ පදිංචිකරුවන් වන මොවුන් දියේ ගිලී මියගොස් ඇති බවට සැකකෙරන අතර පශ්චාත් මරණ පරීක්ෂණ සිදුකිරීමට මෘත දේහයන් දෙබරවැව මූලික රෝහල වෙත ඇතුලත් කරමින් තිස්සමහාරාම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.