මහවැලි ගං ඉවුරේ අත් බෝම්බයක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට

මහිංගනය පොලිස් ස්ථානයේ විශේෂ කාර්යංශයේ නිලධාරියෙකු විසින් ලබා දුන් තොරතුරකට අනුව එම පොලිස් ස්ථානයේ නිලධාරීන් 2024.07.21 වන දින උදෑසන මහියංගනය, දොඩංවත්ත ගෙවල් 20 ප්‍රදේශයෙන් මහවැලි ගඟට පිවිසෙමින් සිටි වයස අවුරුදු 34 ක පුද්ගලයෙකු ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් අත්අඩංගුවට ගෙන පරීක්ෂාවට ලක් කර තිබේ.

එහිදී ඔහු හැඳ සිටි කලිසමේ සාක්කුවක බහා තිබී මෙරට නිෂ්පාදිත බෝම්බයක් සොයගෙන ඇති අතර සිදුකල වැඩිදුර ප්‍රශ්න කිරීමේදී සැකකරු පවසා ඇත්තේ මෙම බෝම්බය මසුන් මැරීම සඳහා යොදාගැනීමට සන්තකයේ තබාගත් බවය.

එම තැනැත්තාගේ ගමන් බෑගය පරීක්ෂාකිරීමේදී ලැප්ටොප් පරිඝනකයක්, ආලේපන සොයාගෙන ඇති අතර එම ආලේපන 2024.07.19 වන දින රාත්‍රියේදී මහියංගනය පූජා නගරයේ බෙහෙත් අලෙවි කරන ස්ථානයක් බිඳ සොරගත් අලේපනයන් බවට අනාවරණය වී ඇත.

වයස අවුරුදු 34 ක් වන මහිංයගන ප්‍රදේශයේම පිදිංචිකරුවෙකු වන සැකකරු 2024.07.22 වන දින මහියංගනය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.