මෙරට නිෂ්පාදිත ගිනි අවි 03 ක් ප්‍රදේශ 03කින් අත්අඩංගුවට

පොල්පිතිගම පොලිස් ස්ථානයේ නිලධාරීන් බෝගොල්ලයාය ප්‍රදේශයේදීත්, වාලච්චේන පොලිස් ස්ථානයේ නිලධාරීන් මිනිමිනිත්තවේලි ප්‍රදේශයේදීත්, ඇහැටුවැව පොලිස් ස්ථානයේ නිලධාරීන් බමුණුගම ප්‍රදේශයේදීත් 2024.07.20 වන දින වැටලීම් සිදුකර බලපත්‍ර නොමැතිව මෙරට නිෂ්පාදිත ගිනි අවි සන්තකයේ තබාගනෙ සිටි සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ඔවුන් පිළිවෙලින් වයස අවුරුදු 33 ක්, 25ක් සහ 50 ක් වන එම ප්‍රදේශයන්හිම පදිංචිකරුවන් වේ.