සැකපිට පරීක්ෂා කල පුද්ගලයා සන්තකයේ හෙරොයින් ග්‍රෑම් 06 ක් සහ අත්අබෝම්බයක්

වෙන්නප්පුව පොලිස් ස්ථානයේ නිලධාරීන් 2024.07.20 වන දින සවස වෙන්නප්පුව පොලිස් වසමේ නයිනමඩම හන්දිය අසන්නයේදී සැකපිට පුද්ගලයෙකු පරීක්ෂාවට ලක්කර තිබේ.

එහිදී ඔහු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 06 මිලිග්‍රෑම් 200 ක් සහ මෙරට නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් නිලධාරීන් විසින් සොයාගෙන අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු වයස අවුරුදු‍ ‍33 ක් වන වෙන්නප්පුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.