බීමත්ව දමා ගැසූ දෙල් ගෙඩිය වැදී වියපත් කාන්තාව ජීවිතක්ෂයට

පිටපහමුණ, මැල්සිරිපුර පිදිංචි වයස අවුරුදු 79 ක් වන කාන්තාවක් හිසට එල්ලවූ පහරක් හේතුවෙන් මියගොස් තිබේ. මෙය දෙල් ගෙඩියක් දමා ගසා සිදුකල ඝාතනයක් බවට තොරතුරු වාර්තා වී ඇත.

සිදුවීම සිදුව ඇත්තේ 2024.07.19 වන දින රාත්‍රී 7 ට පමණය. මියගිය කාන්තාවගේ නිවස අසල පදිංචි වයස අවුරුදු 27 ක් වූ තරුණයෙකු බීමත්ව පැමිණ කෑ කෝ ගසමින් පරුෂ වචනයෙන් බැණ වැදී අසල නිවසක තිබූ දෙල් ගසක ගෙඩියක් මෙම කාන්තාව දෙසට දමා ගසා තිබේ.
පහරවැදීම හේතුවෙන් ඇද වැටී අසාද්‍ය තත්වයට පත් කාන්තාව නිවැසියන් විසින් පොල්ගොල්ල රෝහලට රැගෙන ගියද 2024.07.20 වන දින උදෑසන ඇය මියගොස් තිබේ.

සැකකරු මැල්සිරිපුර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර දමා ගැසූ දෙල් ගෙඩියද පොලිසිය භාරයට ගෙන ඇත.
මැල්සිරිපිුර පොලිසිය සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.