පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් නොවන්නට තවත් ජීවිතයක් මුහුදට බිලි

පානදුර වෙරළ ආසන්න මුහුදේ 2024.07.20 වන දින දහවල් දියනාමින් සිටි වයස අවුරුදු 19 ක් වූ තරුණයෙකු ගැඹුරු මුහුදට ඇදී යමින් සිටියදී එම ස්ථානයේ සුපරීක්ෂාකාරීව රාජකාරියේ යෙදී සිටි පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් වහා ක්‍රියාත්මක වී ඔහුව බේරාගෙන තිබේ.

පොලිස් කොස්තාපල් 33628 ලක්මාල් හා පොලිස් කොස්තාපල් 101557 ධනුක යන නිලධාරීන් මෙම දිවි බේරාදීම සිදුකර ඇති අතර දියේ ගිලීමෙන් ආසද්‍ය වූ තරුණයා හට මූලික ප්‍රථමාධාර ලබා දී පානදුර රෝහල වෙත යොමුකර තිබේ.

අනතුරට පත් තරුණයා නුවරඑළිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.