දෙමසකට පෙර කටුකරුන්දේ සිදු වූ ඝාතනයක තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

කළුතර දකුණ පොලිස් වසමේ කටුකුරුන්ද ප්‍රදේශයේ නිවසකට 2024.05.20 වන දින රාත්‍රී කාලයේදී පුද්ගලයින් දෙදෙනෙකු පැමිණ එම නිවසේ සිටි අසුරුමුණි ටෂ්මින් මධුවන්ත සිල්වා යන අයට වෙඩි තබා ඝාතනය කර පලා ගොස් තිබුනි.

එම අපරාධය සම්බන්ධයෙන් කළුතර දකුණ පොලිසිය විමර්ශන ආරම්භ කල අතර ඒ අනුව සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී. අත්අඩංගුවට ගත් සැකකරුවන් මගින් හා ඔත්තුකරුවන් හෙළි වූ තොරතුරු අනුව තවත් සැකකරුවෙකු පිළිබඳව අනාවරණය වී ඇත.

බස්නාහිර පළාත් දකුණු අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් ලද තොරතුරක් මත 2024.07.20 වන දින දහවල් අතුරුගිරිය නගරයේදී මෙම අපරාධය සිදුකිරීම සඳහා කුමන්ත්‍රණය කිරීම හා ආධාර අනුබල දීම සම්බන්ධයෙන් එම සැකකරුද අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු වයස අවුරුදු 32 ක් වන මානියම්ගම, අවිස්සාවේල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැකකරු ප්‍රශ්නකිරීම් මගින් වැඩිදුර විමර්ශනය සඳහා කළුතර දකුණ පොලිස් ස්ථානයට භාර දී ඇත.