අම්බලන්ගොඩ ඌර්වත්ත ගංගාරම විහාරස්ථානයේ වාර්ෂික පෙරහැර හෙට (21) පස්වරුවේ

2024.07.21 වන දින පස්වරුවේ කොළඹ ගාල්ල ප්‍රධාන මාර්ගය භාවිතා කරමින් අම්බලන්ගොඩ ඌර්වත්ත ප්‍රදේශය පසුකර යන ඔබට එහිදී රථවාහන තදබදයකට මුහුණ දීමට සිදුවනු ඇත.

අම්බලන්ගොඩ ඌර්වත්ත ගංගාරම විහාරස්ථානයේ වාර්ෂික පෙරහැර එදින පස්වරු 01.00 ට පමණ විහාරස්ථානයෙන් ආරම්භ වී සිට පස්වරු 07.30 දක්වා අම්බල්ගොඩ පරණ පාරෙන් සිරිකත වටරවුමෙන් හැරී එතැන් සිට ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගය හරහා නැවත විහාරස්ථානයට පැමිණීමට නියමිතය.

ප්‍රදේශය පසුකර යෑමට විකල්ප මාර්ග-

ගාල්ල සිට කොළඹ දෙසට ධාවනය කරන්නේනම් සංඝරාජ හන්දියෙන් කැපූඇල පාර, වතුගෙදර, පොල්වත්ත හංදියෙන් බටපොළ, මීටියාගොඩ,කහව හරහා නැවත ගාලු පාර වෙත ගමන්කළ හැකිය.
කොළඹ සිට ගාල්ල දක්වා ධාවනය කරන්නේ නම් කහව,මීටියාගොඩ,බටපොල, පොල්වත්ත හන්දිය, වතුගෙදර, හීනටියන පාර, බලපිටිය හරහා නැවත ගාලු පාර වෙත ගමන් කළ හැකිය.