හෙරොයින්, රුපියල් ලක්ෂ 5 ක මුදලක් සමඟ කාන්තාවක් අත්අඩංගුවට

විශේෂ කාර්ය බලකාය බුද්ධි කොට්ඨාශයේ නිලධාරීන් 2024.07.19 වන දින මට්ටක්කුලිය සමිත්පුර ප්‍රදේශයේ වැටලීමක් සිදුකර හෙරොයින් ග්‍රෑම් 07 මිලිග්‍රෑම් 270 ක් සන්තකයේ තබාගෙන සිටි කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 44 ක කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඇය සතුව මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගන්නා බවට සැකකරන මුදල් රු. 512,500 ක් ද තිබී ඇත.

වැඩිදුර විමර්ශන සඳහා සැකකාරිය,එම මුදල සහ හෙරොයින් ප්‍රමාණය මට්ටක්කුලිය පොලිස් ස්ථානය භාරයට පත්කර ඇති අතර ඇය, ‍විදෙස්ගතව සිටින මහාපරිමාන මත්ද්‍රව්‍ය ජාවාරම්කාර සංවිධානාත්මක අපරාධ කරුවකු විසින් මෙහෙයවනු ලබන මත්ද්‍රව්‍ය ජාලයක් පවත්වාගෙන යන
කාන්තාවක් බවට තොරතුරු අනවාරණය වි ඇත.

වැඩිදුර විමර්ශන මට්ටක්කුලිය පොලිස් ස්ථානය විසින් සිදුකරයි.