අම්බලන්ගොඩ හිටපු ක්‍රිකට් ක්‍රීඩක ඝාතනයේ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවේ

ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙස ප්‍රසිද්ධ වූ අම්බලංගොඩ කන්දේ මාවත ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 41 ක පුද්ගලයෙකුව 2024.07.16 වන දින රාත්‍රියේදී වෙඩි තබා ඝාතනය කළ අපරාධයට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබේ.

අපරාධය සිදුවී පසුදාම (17) අත්අඩංගුවට ගත් වයස අවුරුදු 48 ක් වූ රන්දොඹේ ප්‍රදේශයේ පදිංචි පළමු සැකකරු දැඩි ලෙස මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ පුද්ගලයෙකු වන අතර ඔහු සෘජුවම මෙම අපරාධයට සම්බන්ධ බවට කරුනු අනාවරනය වී ඇත.

ඒ අනුව සිදුකල වැඩිදුර ප්‍රශ්නකිරීම් මගින් අනාවරණය වූ වයස අවුරුදු 37 ක ගාල්ල කලේගාන ප්‍රදේශයේ පදිංචි තවත් සැකකරුවෙකු අද (19) දින අත්අඩංගුවට ගැනීමට විමර්ශක නිලධාරීන් ක්‍රියා කල අතර එම සැකකරුට සහය ලාබා දී ඇතැයි සැකකෙරෙන කොස්ගොඩ ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි කාන්තාවක් ද අත්අඩංගුවට ගෙන ඇත්තේ විදේශයකින් ඇගේ ගිණුමට අවස්ථා දෙකකදී මුදල් බැර වී ඇති හෙයිනි.

මනුෂ්‍ය ඝාතනය සඳහා තිියුණු ආයුදයක්ද භාවිතා කර ඇති බව මෘත දේහයේ කැපුම් සලකුනු දක්නට ලැබීමෙන් නිගමනය කර ඇත. දෙවන සැකකරු විසින් මෙම වෙඩි තැබීම සඳහා භාවිතා කල බෝර 12 ගිනි අවිය සඟවා තිබෙන කැළෑබද ස්ථානයක් පිළීබදව අනාවරණය කර ඇති අතර ඒ අනුව විමර්ශක නිලධාරීන් එම ගිනි අවිය සොයාගෙන පොලිස් භාරයට ගෙන ඇත.

අම්බලන්ගොඩ මූලස්ථාන පොලිසිය, ගාල්ල අපරාධ කොට්ඨාසය, ඇල්පිටිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශය ඇතුළු විමර්ශක කණ්ඩායම් කිහිපයක් අපරාධයට සම්බන්ධ අනෙක් සැකකරුවන් සොයා තවදුරටත් දීර්ඝව විමර්ශන සිදුකරයි.