මැදියම් රැයේ ගාල්ලෙන් වාර්තා වූ මාරක අනතුර

ගාල්ල කොළඹ මාර්ගයේ ගාල්ල පොලිස් වසමේ තරුණ සේවා මාවත හන්දියේදී 2024.07.19 වන දින පැය 0045 ට පමණ මාරක අනතුරක් සිදුවී ඇත.
ගාල්ල දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ බලපිටිය රෝහලට අයත් ගිලන් රථයක ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි යතුරුපැදියක් ගැටී ඇති අතර ඉන් යතුරුපැදිකරු බරපතල තුවාල ලබා කාරාපිටිය රෝහලට ඇතුලත් කිරීමේදී මිය ගොස් තිබේ.

මරණකරු වයස අවුරුදු 22 ක් වූ පානදුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මෘත ශරීරය කරාපිටිය රෝහලේ තැන්පත් කර ඇත.

අනතුරින් තුවාල ලැබූ ගිලන් රථයේ රියදුරුද බලපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.

අනතුර සිදුවූ අවස්ථාවේ යතුරුපැදිය මාර්ගයේ දකුණු පසින් ධාවනය වී ඇති බවට තොරතුරු වාර්ථා වී ඇති අතර ගාල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

  • මධ්‍යම රාත්‍රිය බොහෝ දුරට මාර්ගයේ රථවාහන තදබදයක් නොමැති කාල සීමාවකි. එම කාල සීමාව තුල අධික වේගයෙන් රිය ධාවනය කිරීම සඳහා රියදුරන් පෙළඹීමෙන් මෙවැනි රිය අනතුරු රැසක් වාර්තා වී ඇත. එමෙන්ම වැරදි මංතීරුවට රථය යොමුකර ධාවනය කිරීම, රියදුරුට නින්ද යෑම වැනි මාරක අනතුරක් සිදුවිය හැකි අවස්ථාවන්ට ඉඩ අහුරා ප්‍රවේශමෙන් රිය පදවන්න