කතරගම මාතර ප්‍රධාන මාර්ගය හෙට සහ අනිද්දා දෙදින දහවල් වැසෙන ස්ථාන, විකල්ප මාර්ග

ගන්දර පොලිස් වසමේ දෙවිනුවර විෂ්ණු මහා දේවාලයේ උත්කර්ෂවත් ඇසළ පෙරහැර මංගල්‍යය-අවසන් රන්දෝලි මහා පෙරහැර 2024.07.20 වන දින වීදි සංචාරය කරනු ඇත.

එදින පෙරහැර අවසන් වන තෙක් දෙව්නුවර විෂ්ණු මහා දේවාලය වැඳපුදා ගැනීම සඳහාත් පෙරහැර මංගල්‍ය නැරඹීම සඳහාත් බැතිමතුන් විශාල පිරිසක් ඒ ආශ්‍රිත මාර්ගයන්හි සැරිසරයි.

එබැවින් 2024.07.19 දින සහ 2024.07.20 වන දෙදින දහවල් 12 00 සිට පෙරහැර වීදි සංචාරය කර අවසන් වනතුරු මාතර කතරගම ප්‍රධාන මාර්ගය මැදවත්ත කාර්මික විද්‍යාල හංදියෙන් සහ තලල්ල දකුණ මහා විද්‍යාලය අසලින් තාවකාලිකව දැමීමට නියමිතය.
එම කාලය තුල පහත විකල්ප මාර්ග භාවිතා කරමින් ගමන් පහසුව සලසා ගැනීමට කටයුතු කරන්න.

විකල්ප මාර්ග

-තංගල්ල හෝ කතරගම දෙස සිට මාතර දෙසට-

තලල්ල කාර්මික විද්‍යාලය අසලින් දකුනට ඇති නාඔටුන්න මාර්ගයේ ගමන්කර, වියන්නරුව හංදිය සිට කැකනදුර රත්මලේ මාර්ගයෙන් කැකනදුර දෙසට ධාවනය කර, එතැන් සිට කැකනදුර හංදියෙන් මාතර කැකනදුර මාර්ගයේ මැදවත්ත හංදියට ධාවනය කර එතැන් සිට මාතර දෙසට ගමන්කළ හැකිය.

-මාතර දෙස සිට තංගල්ල හෝ කතරගම දෙසට-

මාතර දෙස සිට කැකනදුර මාර්ගයේ ධාවනය කර කැකනදුර හංදියෙන් රත්මලේ කැකනදුර මාර්ගයේ ගමන්කර, දික්වැල්ල නගරයෙන් කතරගම දෙසට ධාවනය කළ හැකිය.
තවද, තංගල්ල දෙස සිට ගන්දර දක්වා ධාවනය වන සියළු රථවාහන දෙව්නුවර ඉන්දන පිරවුම්හල අසල දක්වා ධාවනය කල හැකිය.