බුරුත දැව ප්‍රවාහනය කළ සැකකරුවන් 08 දෙනෙකු අත්අඩංගුවට

2024.07.17 වන දින උදෑසන කාලයේ ඉලුප්පකඩවෛ පොලිස් වසමේ 04 කණුව ප්‍රදේශයේදී ඉලුප්පකඩවෛ පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් වැටලීමක් සිදුකර බුරුත දැව කඳන් 05ක් කැබ් රථයකින් ප්‍රවාහනය කළ සැකකරුවන් 08 දෙනෙකු යතුරු පැදියක් සහ යාන්ත්‍රික කියතක් සමඟ අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 30 ත් 51 ත් අතර වයස්වල පසුවන මල්ලාවි, තුනුක්කායි හා මාන්කුලම් ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.
ඉලුප්පකඩවෛ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.