පොලිස් විශේෂ කාර්යය බලකාය උතුරේ සක්‍රියව මෙහෙයමුවල

පොලිස් විශේෂ කාර්ය බලකාය උතුරු පළාත තුල සිදුවන විවිධ ජාවාරම් මැඩලීම සඳහා තොරතුරු ජාල ශක්තිමත්ව පවත්වාගෙන යමින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් රැසක් පසුගිය කාලය තුල අත්අඩංගුවට ගෙන තිබේ.

එම වැටලීම් දාමයේ තවත් සාර්ථක කරගත් වැටලීමක් කිලිනොච්චිය කඳවුරේ නිලධාරීන් විසින් 2024.07.14 වන දින කිලිනොච්චිය පොලිස් වසමේ සිදුකර ඇති අතර, එහිදී පන්නංකන්ඩි සරස්වති ග්‍රාමය ප්‍රදේශයේ දී කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 01, ග්‍රෑම් 395 ක් සන්තකයේ තබාගෙන සිටි කිලිනොච්චිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 42 පුද්ගලයකු ජංගම දුරකථනයක් ද සමඟ අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇත.

සැකකරු වැඩි දුර විමර්ශන කටයුතු සදහා කිලිනොච්චිය පොලිස් ස්ථානය භාරයට පත්කර තිබේ.