ළමුන් සම්බන්දව වාර්තා වන අපරාධ විමර්ශනයට පාඨමාලාවකින් දැනුම සහ උපදෙස්

අතුරුදහන් වූ සහ සූරාකෑමට ලක්වූ ළමුන් සඳහා වන ජාතික මධ්‍යස්ථානය සහ International Justice Mission ආයතනය එක්ව මෙරට ළමුන් සම්බන්ධව වාර්ථා වන අපරාධ විමර්ශනය සිදුකලයුතු ආකාරය පිළිබඳ පුහුණු පාඨමාලාවක් 2024.07.22 වන දින සිට 2024.07.27 වන දින දක්වා කටාන ජාතික පොලිස් අභ්‍යාස ආයතනයේදී ඒ සඳහා සහභාගී වූ පොලිස් නිලධාරීන් උදෙසා පවත්වනු ලබයි.

2024.07.22 වන දින උදෑසන 0830 ට පැවැත්වූ පුහුණු පාඨමාලාවේ සමාරම්භක අවස්ථාව සඳහා අපරාධ හා රථවාහන දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතා, ළමා/කාන්තා අපයෝජන හා නිවාරණ විමර්ශන දිසාව භාර රේණුකා ජයසුන්දර මහත්මිය සහභාගීවෙමින් සම්පත් දායකයින් ලෙස සහභාගී වූ ආයතන දෙකෙහි මහත්ම මහත්මීන්ට ස්තූතිවන්තව පාඨමාලාව සාර්ථකව පැවැත්වීමට සුභාසිංශන එක්කරන ලදී.