ඇසළ පෝහෝ දින පොලිස් ක්‍රීඩා කොට්ඨාසයෙන් අයිස් ක්‍රීම් දන්සලක්

ඇසළ පුන් පොහෝ දිනය නිමිත්තෙන් පොලිස් ක්‍රීඩා කොට්ඨාසය සංවිධානය කළ අයිස් ක්‍රීම් දන්සල 2024.07.20 වන දින උදෑසන එම කොට්ටාසය පිහිටි බම්බලපිටිය ක්ෂේත්‍ර බලකා මූලස්ථානය ඉදිරිපිට මාර්ගයේ පැවැත්වීය.

ක්‍රීඩා කොට්ඨාසයේ නිලධාරීන්ගේ මනා සංවිධානයෙන් පැය තුනකට ආසන්න කාලයක් සාර්ථකව දන්සල පැවැත්වූ අතර ඒ සඳහා ජනතාව මහත් උද්යෝගයෙන් සහභාගී වූ අයුරු දිස්විය.

පොලිස් ක්‍රීඩා කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කමල් පුෂ්පකුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් පොලිස් ක්‍රීඩා කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක බුද්ධික කුඹුදත්පෙරුම මහතාගේද සහභාගීත්වයෙන් දන්සල පෙරවරු 1000 ට පමණ ආරම්භ කෙරුණි.