ළමයෙකුට සිදුකල කෘර අන්දමේ පහරදීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිව් දෙනා රක්ෂිත බන්ධනාගාරයට

ඇහැලගස්තැන්න, අරණායක ප්‍රදේශයේ පදිංචි සය හැවිරිදි දරුවෙකුට කෘර අන්දමින් පහරදීම සම්බන්ධයෙන් අරණායක පොලිසිය විසින් 2024.07.17 වන අද දින උදෑසන අත්අඩංගුවට ගෙන මාවනැල්ල ගරු මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත්කල එම දරුවාගේ මිත්තණියන් දෙදෙනා, දරුවාගේ මව සහ අනෙක් කාන්තාව ගරු අධිකරණය විසින් 2024.07.22 දින දක්වා කෑගල්ල රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

දරුවා වෛද්‍ය පරීක්ෂණවලින් අනතුරුව ඉහත ලිපිනයේ පදිංචි දරුවාගේ පියාට භාර කර තිබේ.