අයිස් මත්ද්‍රව්‍ය කිලෝගෑම් 01 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගත් වැටලීමක්

කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් 2024.07.16 වන දින සවස මෝදර පොලිස් වසමේ අලුත් මාවත ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 01 ග්‍රෑම් 76 ක් සන්තකයේ තබාගෙන සිටි වයස අවුරුදු 31 ක් වූ එම ප්‍රදේශයේම පදිංචි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම අයිස් මත්ද්‍රව්‍ය ප්‍රමාණය සෙන්ටිිමීටර 24 ක පමණ කුඩා කාඩ්බෝඩ් පෙට්ටියක සඟවා තිබී ඇති අතර සැකකරු සතුව තිබූ ජංගම දුරකථනය, රුපියල් විසි තුන්දහසකට ආසන්න මුදලක්ද පොලිස් භාරයට ගෙන ඇත.

කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය සැකකරු මාලිගාවත්ත අධිකරණය වෙත ඉදිරිපත් කර රැදවම් නියෝග ලබා විමර්ශන සිදු කිරීමට නියමිතය.