වීඩියෝවකින් හෙලිවූ තවත් ළමා හිංසනයක සැකකාරියන් අත්අඩංගුවට

වියපත් කාන්තාවක් විසින් කුඩා දරුවෙකුට කෘර අන්දමින් පහරදෙමින් තවත් කාන්තාවක්ද සමඟ එම කුඩා දරුවා නිවසක් තුලට රැගෙන යන වීඩියෝවක් සමාජ ජාලා මාධ්‍ය තුල සංසරණය වෙමින් පවතී.

පහරදීමට අදාල කාන්තාවන් දෙදෙනා සහ ඊට අනුබල දුන් එම ස්ථානයේ රුදී සිටි දරුවගේ 41 ක් හැවිරිදි මව සහ තවත් කාන්තාවක් මේ වන විට අරණායක පොලිස් ස්ථානයේ නිලධරයන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. දරුවා අරණායක පොලිසිය භාරයේ පසුවේ.

දරුවාගේ යම් අකීකරු ක්‍රියාකලාපයක් හේතුවෙන් මෙම පහරදීම සිදුකරන සහ නිවස තුලට රැගෙන යන අනෙක් කාන්තාව මෙම වින්දිත දරුවාගේ මිත්තණියගේ සහෝදරියන් දෙදෙනෙකු බවට අනාවරණය විය.

ඔවුන්ගේ වයස අවුරුදු 78 ක් හා 61 වන අතර කුඩා දරුවාගේ වයස අවුරුදු 6 කි.

මෙම සිදුවීම සිදුව ඇත්තේ 2024.07.12 වන දින දහවල් කාලයේ අරණායක, ඇහැලගස්තැන්න ප්‍රදේශයේදීය.
අරණායක පොලිස් ස්ථානය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.