දීර්ඝ කාලයක සිට ත්‍රිරෝද රථයක් මගින් හෙරොයින් ජාවාරමේ යෙදුණ පුද්ගලයන් දෙදෙනෙකු හසුකරගත් STF මෙහෙයුම

දකුණු පළාත් විශේෂ මෙහෙයුම් ඒකකයෙහි ස්ථානාධිපති ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් හා විශේෂ කාර්ය බලකාය පුෂ්පාරාම උප කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් සමඟ ඒකාබද්ධව 2024.07.13 වන දින වැලිගම පොලිස් වසමේ සේනානායක ක්‍රීඩාංගනය තුල වැටලීමක් සිදුකර රත්මලාන හා වැලිගම ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 30 හා 54 ක් වන පුද්ගලයන් දෙදෙනෙකු අඅත්අඩංගුවට ගෙන ඇත.

එහි දී ඔවුන් සන්තකයේ තිබි කෝටියකට වඩා වටිනාකමකින් යුත් හෙරොයින් ග්‍රෑම් 445 ක්, ජාවාරමින් උපයාගත් රුපියල් ලක්ෂ 05 ක මුදලක්, ජංගම දුරකථනයක්, රවුටර් 01 සහ හෙරොයින් ජාවාරම් කිරීම සඳහා යොදාගත් ත්‍රිරෝද රථය අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා වැලිගම පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.