කොඩිකාමන් ප්‍රදේශයේ කාන්තාවක් සන්තකයේ ගංජා කිලෝග්‍රෑම් 87 ක්

චාවකච්චේරි පොලිස් ස්ථානයේ නිලධාරීන් 2024.07.11 වන දින ක්ෂණික මාර්ග බාධකයක් යොදා රථවාහන පරීක්ෂාකරමින් සිටින අතරතුර කාර් රථයක් නවතා පරීක්ෂාවට ලක්කර තිබේ.

එහි තිබී ගංජා ග්‍රෑම් 500 ක් සොයාගැනීමට සමත් වූ නිලධාරීන් කාර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන වැඩිදුර ප්‍රශ්නකිරීමට ලක්කර ඇති අතර එම සැකකරු අනාවරණය කළ තොරතුරු අනුව 2024.07.12 වන අද දින අළුයම කච්චායි දකුණ ප්‍රදේශයේ නිවසක සඟවා තිබේ ගංජා කිලෝග්‍රෑම් 87 ග්‍රෑම් 616 ක් සමඟ සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකාරිය වයස අවුරුදු 55 ක් වූ කච්චායි දකුණ, කොඩිකාමන් ප්‍රදේශයේ පදිංචිකාරියකි.

චාවකච්චේරි පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.