දෙදිනකට පෙර වෙඩිතබා මනුෂ්‍ය ඝාතනයක් සිදුකල සැකකරුවන්ට STF මාංචු

2024.07.09 වන දින‍ කොලොන්න පොලිස් වසමේ දී වෙඩිතබා මනුෂ්‍ය ඝාතනයක් සිදුකළ සැකකරුවන් දෙදෙනා ලෙස හඳුනාගත් කැලෑ මහින්ද නැමැති පුද්ගලයා සහ තවත් පුද්ගලයෙකු ගල්කටස් වර්ගයේ ගිනි අවි 02 ක්, බෝර 12 ජිව උණ්ඩ 02 ක්, හෙරොයින් ග්‍රෑම් 100 ක්, ජංගම දුරකතන 03 ක් සමඟ මිද්දෙනිය පොලිස් වසමේ තොරගලයාය ඇඟළුම් ආයතනය අසල දී විශේෂ කාර්ය බලකා සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකය I හි නිලධාරීන් විසින් 2024.07.11 වන ඊයේ දින අත්අඩංගුවට ගෙන තිබේ.

මිද්දෙනිය පොලිස් වසමේ මාක්ස් ඇටිටිවු, තොරගලයාය ඇඟළුම් ආයතනය අසල දී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති අතර වෙඩිතැබීම සදහා පැමිණි බවට සැකකරන යතුරු පැදියද ඒ සමඟ අත්අඩංගුවට පත් වී ඇත.

අනාවරණය වූ තොරතුරු අනුව ප්‍රංශයේ සිට මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවනු ලබන සංවිධාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු වන රොටුඹ අමිල නැමැත්තාගේ ප්‍රධාන ගෝලයින් වන මොවුන් රොටුඹ අමිල නැමැත්තාගේ ඥාතියෙකුට සිදුකල පහරදීමකට පළිගැනීමක් වශයෙන් 2024.07.09 වන දින අදාළ ඝාතනය සිදුකර රොටුඹ අමිල නැමැත්තාගෙන් ඒ සඳහා රුපියල් ලක්ෂ 04 ක මුදලක් සහ හෙරොයින් ලබා ගෙන ඇති බව හෙළි වී ඇත.
මෙම සැකකරුවන් සංවිධානාත්මක අපරාධ කල්ලියක් වන මාකදුරේ මධුෂ්ගේ කණ්ඩායම සමඟ සෟජු සම්බන්ධතා පවත්වාගෙන ගොස් ඇති බවත් මංකොල්ලකෑම්, පහරදීම් හා මනුෂ්‍ය ඝාතන රැසකට මොවුන් සැකකරුවන් වී ගරු අධිකරණ තුල නඩුකටයුතු පැවැත්වෙන බව වැඩදුරටත් අනාවරණය වී ඇත.

අත්අඩංගුවට ගත් දෑ, සැකකරුවන් සමඟ වැඩිදුර විමර්ශන සඳහා කොලොන්න පොලිසිය භාරයට පත්කර තිබේ.