පොලිස් විශේෂ කාර්ය බලකාය භු ගත යුධ උපකරණ ගබඩාවක් සොයාගෙන

පොලිස් විශේෂ කාර්ය බලකා වාලච්චේන, වවුනතිවු, කලවංචිකුඩි හා කල්ලඩි කදවුරේ නිළධාරීන් 2024.07.10 වන දින කරදියනාරු පොලිස් වසමේ වෙප්පවෙට්ටුවාන්, කාරකාඩු ප්‍රදේශයේ සිදුකල පරීක්ෂාවකදී එල්.ටී.ටී.ඊ. යුධ සමයේ වල දමා ඇති පුද්ගල නාශක බිම් බෝම්බ (ජොනි බට්ටෝ) 299ක්, එම ඩෙටනේටර් 38 ක් සමග 07.62 mm × 39 ප්‍රමාණයේ ජීව උණ්ඩ 19,930 ක් සොයාගෙන වැඩි දුර විමර්ශන කටයුතු සදහා කරදියනාරු පොලිස්ථානය වෙත භාර දී තිබේ.