යෙදූ මාර්ග බාධකයේ නැවැතවූ ලොරි රථයේ කේරළ ගංජා කිලෝග්‍රෑම් 28 ක්

වව්නියාව පොලිස් නිලධාරීන් 2024.07.10 වන දින අළුයම වව්නියාව,කුරුමන්කාඩු ප්‍රදේශයේදී ක්ෂණික මාර්ග බාධකයක් යොදා රථ වාහන පරීක්ෂාවක් සිදුකර තිබේ. එහිදී ලොරි රථයක පිටුපස සඟවා ප්‍රවාහනය කරමින් සිටි කේරළ ගංජා කිලෝග්‍රෑම් 28 ග්‍රෑම් 765 ක් සමඟ ලොරි රථයේ ගමන්ගත් සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් වයස අවුරුදු 27 ක් 30 ක් වූ පේසාලේ ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ. වව්නියාව පොලිසිය මෙම ජාවාරම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.