වරකාපොල බෙහෙත් ශාලාවක හිමිකාරිය සතුව මත්කරල් 8524 ක්

ගලපිටමඩ පොලිස් ස්ථානයේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් 2024.07.10 වන දින මත්පෙති ලග තබාගත් සැකකරුවෙකුගෙන් සහ විශේෂ කාර්යය බලකාය අත්අඩංගුවට ගත් සැකකරුවෙකුගෙන් ප්‍රශ්න කිරීම් සිදුකර ලද තොරතුරු මත, වරකාපොල පොලිස් වසමේ පිහිටි පෞද්ගලික බෙහෙත් ශාලාවක් පරීක්ෂාවට ලක් කර ඇත.

එම නිලධාරීන් එහිදී අලෙවිය සඳහා සූදානම් කර තිබූ තහනම් මත්කරල් 8524 ක් සොයාගෙන වයස බෙහෙත්ශාලවේ හිමිකාරිය ලෙස හඳුනාගත් කාන්තාවක් සමඟ අත්අඩංගුවට ගැනීමට සමත්වී තිබේ.

සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමේදී වරකාපොල ගරු මහේස්ත්‍රාත් ගරු අධිකරණය විසින් සැකකරුවන් තිදෙ‍ෙනකු ශරීර ඇප මත නිදහස් කර ඇති අතර බෙහෙත්ශාලාව අයිති සැකකාරිය 2024.07.22 ද්කවා රක්ෂිත බන්ධනාගාර කර ඇත.