පොලිස් නිල සුනඛ කොට්ඨාසයේ දරු උපත්

නෙදර්ලන්තයෙන් ගෙන්වූ Belgian Malinois, German Shepherd, English Springer Spaniel වර්ගයේ නිල සුනඛයන් 35 දෙනෙකු පොලිස් නිලසුනඛ කණ්ඩයට 2024.07.05 වන දින එක් කෙරුණි.

ඉන් ගැබ්බරව සිටි English Springer වර්ගයේ ටෙන්පර්ඩ් සහ ලියා යන සුනඛ දේනුවන් දෙදෙනා දාව මහනුවර අස්ගිරිය පොලිස් නිල සුනඛ මූලස්ථානයේ දී ඊයේ (10) රාත්‍රී පැටවුන් 13 දෙනෙකු බිහි වී තිබේ.

පොලිස් නිල සුනඛ කොට්ඨාසයේ පශු වෛද්‍ය අමල් දිසානායක මහතාගේ පරීක්ෂාව යටතේ සුනඛ දේනුවන් දෙදෙනා මෙන්ම පැටවුන් නීරෝගීව පසුවේ.