දියඹෙහි දිවි රැකුමට පුහුණු කළ තවත් කණ්ඩයක් සහතිකපත් ලබා විසිරයයි

දිවයිනේ අභ්‍යන්තර ජලාශ ආශ්‍රිතව සහ වෙරළාසන්නව රාජකාරි යොදවා ඇති පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන්ගේ ඒකකයට ඇතුලත්වීම සඳහා පොලිස් නිලධාරියෙකු ලබාගත යුතු විශේෂ සුදුසුකමකි පොලිස් නාවික කොට්ඨාසය මගින් පවත්වන පොලිස් ජීවිතාරක්ෂක අතරමැදි පුහුණු (INTERMEDIA COURSE OF POLICE LIFE SAVING) පාඨමාලාව සාර්ථකව හදාරා අවසන් කිරීම.

තම දිවි දෙවැනි කොට ජලයේ අනතුරට පත් ජීවිත බේරාගැනීම සඳහා කැපවන පොලිස් සමූහයේ විශේෂ පුහුණුවක් ලත් සාමාජිකයෙකු වීම සඳහා මෙවරද ස්වකැමැත්තෙන් ඉදිරිපත් වූ, පාඨමාලාවට සුදුසුකම් ලැබූ පොලිස් නිලධාරීන් 48 දෙනෙකු සඳහා පොලිස් නාවික කොට්ඨාසය විසින් 2024.05.06 වන දින සිට 2024.07.16 දින දක්වා එම ජීවිතාරක්ෂක පාඨමාලාව සාර්ථකව පවත්වා නිමා කළේය.

එසේ පාඨමාලාව සාර්ථකව සම්පූර්ණ කල නිලධරයන් 48 දෙනා විසිර යවමින් සහතිකපත් ප්‍රධානය කිරීමේ උත්සවය 2024.07.16 වන අද දින ප්‍රජාපොලිස් සංචාරක හා ආයෝජන දිසා භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංග කරවිට මහතාගේ ප්‍රදානත්වයෙන් නාරාහේන්පිට පොලිස් ජල ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වීය.

මීට සමගාමීව උගත් ජීවිතාරක්ෂක සහ පිහිනුම් ක්‍රම ශිල්ප විදහා දැක්වූ කෙටි සංදර්ශනයක්ද පාඨමාලාලාභීන් විසින් ආරාධිත අමුත්තන් ඉදිරියේ ගෙනහැර පෑ අතර එහිදී ඉදිරි රාජකාරි ජීවිතයට පැමිණ සිටි ජ්‍යෙෂ්ඨ නිලධරයන් සුභාසිංශන එක්කරන ලදී.

පාඨමාලාවේදී තම හැකියාවන් විදහා දැක්වූ පරිදි අතිදක්ෂම ජීවිතාරක්ෂක නිලධාරියා ලෙස සම්මානය සහ සහතික පත දිනාගනු ලැබුවේ පොලිස් විශේෂ කාර්යය බලකායේ උප පොලිස් පරීක්ෂ බි.එල්.එස් දේශප්‍රිය නිලධාරියාය. අතිදක්ෂම පිහිනුම්කරු ලෙස සම්මානය සහ සහතිකපත දිනාගනු ලැබුවේ පොලිස් කොස්තාපල් 97011 එම්.අයි.එන්.ඩී සිරිවර්ධන නිලධාරියාය.

මෙම අවස්තාව සඳහා ප්‍රජා පොලිස් සංචාරක හා ආයෝජන දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අසංග කරවිට මහතා, සංචාරක හා නාවික දිසාව නියෝජ්‍ය පොලිස්පතිපති සමුද්‍රජීව මහතා, අධ්‍යක්ෂ/පොලිස් නාවික කොට්ඨාසය පොලිස් අධිකාරී කමල් ගුණවර්ධන මහතා, පොලිස් නාවික කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක මල්ලිකාරච්චි මහතා ඇතුලු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධරයන් රැසක් සහභාගී විය.