පොලිස් සේවා වනිතා ඒකකයෙන් උතුම් සේවයක්

යම් මානසික ව්‍යාධියක් හේතුවෙන් ජාතික මානසික සෞඛ්‍ය විද්‍යාතනයේ මුල්ලේරියාවේ පිහිටි අතරමැදි නිවස්නයේ වාට්ටු අංක 34 තුල නේවාසිකව ප්‍රතිකාර ලබාගන්නා රෝගීන්ගේ නේවාසික පහසුකම් ඉහල නංවමින් පොලිස් සේවා වනිතා ඒකකයේ මූලිකත්වයෙන් එම වාට්ටුව විධිමත් අයුරින් ප්‍රතිසංස්කරණය කෙරුනි

ප්‍රතිසංස්කරණය සම්පූර්ණයෙන් නිමකළ එම වාට්ටුව යලි භාවිතය සඳහා රෝහල වෙත භාරකිරීම සඳහා 2024.07.13 වන දින උදෑසන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන්, පොලිස් සේවා වනිතා ඒකකයේ සභාපතිනී නීතිඥ අනුරාධා උමයංගනී විජයවර්ධන මැතිණියගේ සහභාගීත්වයෙන් කෙටි උත්සව අවස්ථාවක් පැවත්විය.

මෙම ප්‍රතිසංස්කරණ කටයුතු පොලිස් සේවා වනිතා ඒකකය විසින්, නුගේගොඩ පොලිස් කොට්ඨාසයේ පොලිස් ස්ථාන විසින්, පොලිස් විශේෂ කාර්යය බලකාය විසින් සහ පුද්ගලකව සිදුකල ධන පරිත්‍යාගයන්ගෙන් සිදුකර තිබේ.

උත්සව අවස්ථාව සඳහා බස්නාහිර පලාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති මහින්ද ගුණරත්න මහතා, සේවා වනිතා උප ඒකකයේ සභාපති නියෝජ්‍ය පොලිස්පති නිශානි සෙනෙවිරත්න මහත්මිය ඇතුලු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධරයන්, ජාතික මානසික සෞඛ්‍ය විද්‍යාතනයේ නිලධරයන්, සේවා වනිතා ඒකකයේ කමිටු සාමාජිකයින් රැසක් සහභාගී විය.