පොලිස් ළමා හා කාන්තා ඒකකයන්හි නිලධරයන් දැනුවත් කළ වැඩසටහනක්

දිවයින තුළ අනාරක්ෂිත තත්ත්වයේ සිටින දරුවන් වැඩි වශයෙන් ළමා ලිංගික අතවරයන්ට,අපයෝජනය හා ස්ත්‍රී දූෂණය ලක්වීමේ අවධානම වැඩි බැවින් ඔවුන් සම්බන්ධයෙන් පුද්ගලිකවම අවධානය යොමු කිරීම මගින් අපරාධ වලට ගොදුරු වීම වලක්වා අවශ්‍ය රැකවරණය ලබා දෙමින් ළමුන්ට සුරක්ෂිත හෙටක් නිර්මාණය කරලීම සදහා වූ වැඩසටහනක් දීප ව්‍යාප්තව කඩිනමින් ක්‍රියාත්මක කිරිමට නියමිත අතර,ඒ සම්බන්ධව ශ්‍රී ලංකා පොලිසියේ සමස්ත පොලිස් කොට්ඨාස ආවරණය වන පරිදි ස්ථාපිත කර ඇති කොට්ඨාස ළමා හා කාන්තා ඒකක වල ස්ථානාධිපතිවරියන් හා ඔවුන් අධීක්ෂණය කරනු ලබන දිස්ත්‍රික් භාර නිලධාරීන් දැනුවත් කීරිම පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් අපරාධ වාර්තා කොට්ඨාසයේ ශ්‍රවණාගාරයේ දී පැවැත්විනි.