මුල්ලේරියාව පොලිස් ස්ථානයට පොලිස් ත්‍යාග අරමුදලින් නව කාන්තා භට නිවසක්

මුල්ලේරියාව පොලිස් ස්ථානයේ පොලිස් ත්‍යාග අරමුදලින් රුපියල් ලක්ෂ 40ක් වැය කරමින් ඉදිකරන ලද නව කාන්තා භට නිවස්නය ගරු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් 2024.07.13 වන අද දින උදෑසන කාලයේදී විවෘත කරන ලදි.

මෙම අවස්ථාවේදී මුල්ලේරියාව පොලිස් ස්ථානයට අනුයුක්ත නිලධාරීන් විසින් යුක්තිය මෙහෙයුම වෙනුවෙන් නිසි පරිදි තම රාජකාරිය ඉටු කරමින් මත්ද්‍රව්‍ය වැටලීම් සිදු කිරීම වෙනුවෙන් ඔවුන්ගේ සේවය අගයා පොලිස්පතිතුමාගේ සුරතින් සහතිකපත් පිරිනමන ලද අතර යුක්තිය මෙහෙයුම සංකල්පය සාර්ථක කර ගැනීම සඳහා උරදුන් ප්‍රජා කමිටු සමාජිකයින් වෙතද සහතිකපත් පිරිනමන ලදි.එමෙන්ම ප්‍රදේශයේ දහම් අධ්‍යාපනය ලබන සිසුදැරියන් වෙනුවෙන් ත්‍යාග පිරිනමන ලදි.

මෙම කාන්තා භට නිවාසය ඉදි කිරීම සඳහා පොලි ඩ්‍රයිව් ආයතනය, එම්පයර් ටී ආයතනය, බැචුල ටී ආයතනය, මණ්ඩාවිල කර්මාන්තපුරයේ සංවර්ධන සමිතිය තම ශ්‍රම දායකත්වය සපයන ලද අතර මෙම අවස්ථාව සඳහා බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති මහින්ද ගුණරත්න මහතා ඇතුළු පොලිස් නිලධාරීන් රැසක් සහභාගී විය.