තෙවන වරටත් ක්‍රියාත්මක කළ දහන උදුන 355kg මත්ද්‍රව්‍ය තොගයක් දැවීය

ශ්‍රී ලංකා පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය හා සයුරේදී නාවික හමුදාව විසින් සිදුකල වැටලීම් මගින් අත්අඩංගුවට පත්වූ කෙකේන් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 355 ග්‍රෑම් 881 ක් පොලිසිය මූලිකත්වයෙන් පුත්තලම වනාතවිල්ලුව ප්‍රදේශයේ ඉදිකළ දහන උදුන භාවිතයෙන් 2024.07.11 වන අද දින උදෑසන දවා විනාශ කරන ලදී.

විනාශ කරන ලද මත්ද්‍රව්‍ය ප්‍රමාණයේ වටිනාකම වශයෙන් සලකන මිල, රුපියල් මිලියන 7,829 කට ආසන්නය.
මෙම අවස්ථාව සඳහා ගරු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මැතිතුමා සහ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සහභාගී වූ අතර පොලිස්පතිතුමා එහිදී තවදුරටත් මත්ද්‍රව්‍ය වැටලීම් ත්‍රීව්‍ර කරමින් දිවයිිනේ ක්‍රියාත්මක මත්ද්‍රව්‍ය ජාලයන් මුළුමනින්ම අඩපණ කිරීමට කටයුතු කරන බවත්, එසේ අත්අඩංගුවට ගන්නා මත්ද්‍රව්‍ය පවත්නා නීති ප්‍රකාරව මෙම උඳුන භාවිතයෙන් කඩිනමින් විනාශ කිරීමට කටයුතු කරන බවත් ප්‍රකාශ කලේය.

මේ අනුව මෙම මත්ද්‍රව්‍ය ප්‍රමාණයත් සමග උදුන භාවිතයෙන් විනාශ කල මුළු මත්ද්‍රව්‍ය ප්‍රමාණය කිලෝග්‍රෑම් 1890 ග්‍රෑම් 506 කි. එහි දළ වටිනාකම රුපියල් මිලියන 19,167 කට ආසන්නය.