ශ්‍රී ලංකා පොලිසිය ශ්‍රී ලංකා රේගුව සමඟ අවබෝධතා ගිවිසුමකට එළඹුනි

විමර්ශන කටයුතු සඳහා අදාල තොරතුරු රාජ්‍ය ආයතන හා පොලිසිය අතර වඩාත් පහසුවෙන් හුවමාරු කරගැනීමට ඉඩ ප්‍රස්ථාව සැලසීම අරමුණුකරගනිමින් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ශ්‍රී ලංකා පොලිසියේ විමර්ශන විෂය පථයට අදාලවන සියළුම රාජ්‍ය ආයතන සමඟ අවබෝධතා ගිවිසුම් සඳහා එළඹීම ආරම්භ කරන ලදී.

ඒ යටතේ පොලිස්පතිතුමා 2024.07.10 වන අද දින උදෑසන පොලිස් මූලස්ථානයේදී ශ්‍රී ලංකා රේගුව සමඟ අවබෝධතා ගිවිසුම අත්සන් තැබීය..

2024.06.24 වන දින අවස්ථා කිහිපයකදී මෙසේ, ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය, විදුලි සන්දේශ නියාමන කොමිශන් සභාව, මධ්‍යම පරිසර අධිකාරිය හා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේනතුව යන රාජ්‍ය ආයතනයන්හි ප්‍රධානීන් සමඟ ශ්‍රී ලංකා පොලිසිය අවබෝධතා ගිවිසුම් අත්සන් තබන ලදී.