මත්තේගොඩ පොලිසිය නව ස්ථානයක

කුලී පදනම මත ලබාගත් ගොඩනැගිල්ලක් තුල පවත්වාගෙන ගිය මත්තේගොඩ පොලිස් ස්ථානය නො 103/02, සල්ගස් හංදිය, මත්තේගොඩ ලිපිනයේ ඉදිකළ නව ගොඩනැගිල්ලක් තුල ස්ථාපිත කරන ලදී.

නව පොලිස් ස්ථානය 2024.07.09 වන අද දින සවස ගරු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්, පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මැතිතුමාගේ, පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ මැතිතුමාගේ සහ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ සහභාගීත්වයෙන් කෙටි උත්සවයක් පවත්වා මහජන සේවය උදෙසා විවෘත කළහ.

පොලිස් ස්ථානයක් තුල අන්තර්ගත විය යුතු සිර මැදිරිය ඇතුළු සියළු අංශ ස්ථාපිත කිරීමට ඉඩ පහසුකම් සමඟ නිලධරයන්ට සුව පහසුව නේවාසික පහසුකම් ලබාගත හැකි භට නිවාසයන්ද මෙම නව ගොඩනැගිල්ලේ ස්ථාපිත කර ඇත.