බණ්ඩාරවෙල පොලිසියේ ඉදිකිරීමට යෝජිත නව ගොඩනැගිලි ද්විත්වයට මුල්ගල්

විධිමත්බව හා කාර්යයක්ෂමතාවය තවදුරටත් ඉහල නැංවීම සඳහා මෙන්ම පොලිස් නිලධාරීන්ගේ සුබසාධනය,යටිතල පහසුකම් ඉහල නැංවීම සදහා පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් හා මඟපෙන්වීම යටතේ සැලසුම් කර ඇති වැඩපිළිවෙලෙහි තවත් එක් ව්‍යාපෘතියක් වන බණ්ඩාරවෙල පොලිස් මූලස්ථානය තුල ඉදිකිරීමට යෝජිත තෙමහල් නව පරිපාලන ගොඩනැගිල්ල සහ භට නිවාසය සඳහා 2024.07.06 වන ඊයේ දින මුල්ගල් තැබීය.

මේ සඳහා සපැමිණි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා මුල්ගල තැබීමෙන් අනතුරුව එහිදී සංවිධානය කර තිබූ කෙටි උත්සවය සඳහා සහභාගී වූ අතර පොලිස් නිලධාරීන් අමතමින් ගැටළු සාකච්ඡාකරමින් සුහඳ පිළිසඳරක නිරතවිය.

බණ්ඩාරවෙල පොලිස් වසමේ හඳුනාගත් දිළිඳු පවුල්වල පාසල් ලමුන් සඳහා පාසල් උපකරණ ප්‍රදානයක් ඇතුලු තවත් විශේෂාංග ගණනාවක් මෙම කෙටි උත්සවය තුල අන්තර්ගත විය.