පොලිස්පතිතුමන් බස්නාහිර පළාත් මලල ක්‍රීඩා උළලේ සමාරම්භයට

සියලු පොලිස් රාජකාරි මධ්‍යයේ වුවද නිලධාරීන්ගේ ශාරීරික හා මානසික සෞඛ්‍ය ඉහල නැංවීම සඳහා දැනුම විනෝදය සපිරි අවස්ථාවන් සංවිධානය කිරීමට පොලිස්පතිතුමාගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකා පොලිසිය නිරන්තරයෙන් කටයුතු කරනු ලබයි.

වාර්ෂිකව එසේ සංවිධානය වන පළාත් මට්ටමින් පවත්වනු ලබන පොලිස් මළල ක්‍රීඩා උළෙලේ බස්නාහිර පළාත් අන්තර් කොට්ඨාස මළල ක්‍රීඩා උළෙල 2024.07.06 වන ඊයේ දින උදෑසන කොළඹ සුගතදාස එලිමහන් ක්‍රීඩාංගනයේදී පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාග් ප්‍රධානත්වයෙන් ආරම්භ විය.

බස්නාහිර පළාතේ පොලිස් කොට්ටාස 13 ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 510 දෙනෙකු තරඟ වැදීම සදහා ඊයේ (06) දින පිටියට එළඹි අතර ජවන හා පිටිය තරඟ ඉසව් රැසක් අද (07) දින උදෑසනත් එහිදී පවත්වා ඇත.

ත්‍යාග ප්‍රධාන උත්සවය අද (07) සවස සුගතදාස එලිමහන් ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතය.