පොලිස් නිල සුනඛයින් ලෙස පුහුණුව ලබන්න සුනඛයින් 35ක් මෙරටට

මත්දුව්‍ය සහ පුපුරණ ද්‍රව්‍ය සඟවා ඇති ස්ථාන පෙන්වා දීම සඳහා මෙන්ම විවිධ වූ පොලිස් රාජකාරි සඳහා සහය ලබාගැනීමට විශිෂ්ඨ අන්දමින් පුහුණුකල පොලිස් නිලසුනඛ කණ්ඩයට 2024.07.05 වන අද දින Belgian Malinois, German Shepherd, English Springer Spaniel වර්ගයේ නිල සුනඛයන් 35 දෙනෙකු එක්විය.

සුරතල් සතුන් ලෙස හැදී වැඩී ඇති මෙම සුනඛයින් නෙදර්ලන්තයේ සිට ගුවන් මගින් අද දින(05) අළුයම කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙනවිත් මහනුවර නිල සුනඛ කොට්ඨාසය වෙත රැගෙන යාම සිදුකල අතර එහිදී මෙම සුනඛයන් ශ්‍රී ලංකා පොලිසියේ නිල සුනඛයන් ලෙස පුහුණුකර මෙම වකවානුවේ තීව්‍රරව ක්‍රියාත්මක යුක්තිය මෙහෙයුම යටතේ මත්ද්‍රව්‍ය හඳුනාගැනීම වැනි නිල සුනඛයින්ගෙන් අපේක්ෂිත කාර්යයභාරය ඉටුකරගැනීම සඳහා යොමුකිරීමට නියමිතය.

මෙම විශේෂ වර්ගයන්ගේ සුනඛයින් මෙරටට අනායනය කිරීමේදී දැරීමට සිදුවන විශාල පිරිවැය මින් ඉදිරියට දැරීමට සිදු නොවීම සඳහා පැටවුන් අභිජනනය කල හැකි පරිදි ගැහැණු පිරිමි දෙපාර්ශවයෙන්ම ගැලපෙන පරිදි සුනඛයින් ගෙන ඒමට කටයුතු කර ඇති බවද විශේෂයෙන් සඳහන් කල යුතුය.