“ජාත්‍යන්තර පොලිස් සංගමයේ මෙරට ශාඛාවට වසර 50ක් සපිරීම නිමිත්තෙන් සංගමයේ සාමාජික නිලධරයන්ට එක්දින සම්මන්ත්‍රණයක්”

ජාත්‍යන්තර පොලිස් සංගමයේ සාමාජිකත්වය ශ්‍රී ලංකාවට නිල වශයෙන් පිරිනැමූ දිනය ලෙස පිළිගනු ලබන්නේ 1974.09.03 වන දිනයයි. මෙම වර්ෂයට, එනම් 2024 වර්ෂයට සාමාජිකත්වය හිමිවී වසර 50 ක් සපිරේ.

මීට සමගාමීව ජාත්‍යන්තර පොලිස් සංගමයේ මෙරට ශාඛාව විසින් පවත්වන වැඩසටහන් පෙළේ එක් වැඩසටහනක් ලෙස එහි සාමාජික ශ්‍රී ලංකා පොලිසියේ පොලිස් නිලධාරීන් සඳහා පවත්වනු ලැබූ එක් දින සම්මන්ත්‍රණය 2024.07.05 වන අද දින කොළඹ 07 , ශ්‍රී ලංකා ‍පදනම් ආයතනයේදී ජාත්‍යන්තර පොලිස් සංගමයේ මෙරට සභාපති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් එම සංගමයේ මෙරට උපසභාපති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතාගේ සහභාගීත්වයෙන්, සංගමයේ මෙරට මහ ලේකම් ලෙස කටයුතු කරනු ලබන කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂක සුනේත්‍රා සෙනෙවිරත්න මහත්මියගේ මෙහෙයවීම මත සාර්ථකව පැවැත්වීය.

මෙම එක්දින සම්මන්ත්‍රණය තුලින් අපරාධ විමර්ශනයේදී පොලිසියේ කාර්යයභාරය, ලිංගික අපරාධ සහ වංචා විමර්ෂණයේදී අපරාධ විමර්ෂකයෙකුගේ කාර්යයභාරය, අපරාධ විමර්ෂණයේදී හා අපරාධ විශ්ලේෂණයේදී සංඛ්‍යාලේඛණ වල වැදගත්කම යන විෂයන්හි දැනුම සාරගර්භ දේශන මගින් ප්‍රවීන දේශකයින් වන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජේ.ඒ චන්ද්‍රසේන, ප්‍රධාන පොලිස් පරීක්ෂක සී.එම් ප්‍රේමකුමාර, අපරාධ විද්‍යාඥ චම්න්ද මිල්ලවිතානච්චි යන මහත්වරුන් විසින් රැස්ව සිටි පොලිස් නිලධරයන් වෙත ලබාදුන්හ.