“යුක්තිය” මෙහෙයුම ත්‍රීව්‍රරව ලද සාර්ථකත්වයේ පන්නරයෙන් නව මුහුණුවරකින්

ගරු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මැතිතුමාගේ උපදෙස් පරිදි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ මෙරට උඩුදුවමින් පැවති මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීම සඳහා 2024.12.17 වන දින “ යුක්තිය” නමින් සුවිශේෂී මෙහෙයුමක් ප්‍රකාශයට පත්කර දිවයින පුරා පිහිටි පොලිස් ස්ථාන, පොලිස් කොට්ඨාස වෙත අවශ්‍ය උපදෙස් ලබාදෙමින් මනාව සංවිධානය කර 2024.07.04 වන අද දින දක්වා අඛණ්ඩව, අතිශය සාර්ථකව ඉදිරියට මෙහෙයවින් පවතී.

සමස්ථ දිවයිනම අවරණය කර සිදුකල වැටලීම් මගින් මේ වන විට මත්ද්‍රව්‍ය ජාවාරමෙහි නියැළුණු 6000 ක පමණ පුද්ගලයින්,කාන්තාවන් පිරිසක්, එනම් 92% ක ප්‍රතිශතයක් හඳුනාගෙන අත්අඩංගුවට ගෙන ඉන් ඇතැම් පිරිස් පුනරුපතාපනයට යොමුකර සමාජයේ ඔවුන් යහපත් පුරවැසියන් ලෙස ජීවත්වෙනවාද යන්න පසු විපරමින් පසුවන ක්‍රමවේදයන්ද සකසා ඇත.

කරුණු එසේ හෙයින් වුවද යුක්තිය මෙහෙයුම තවදුරටත් ශක්තිමත්ව පවත්වාගැනීමට අවශ්‍යව ඇත්තේ අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ගෙන් හෙලිවන තොරතුරු අනුව මත්ද්‍රව්‍ය ජාලයන් පිළිබඳ තොරතුරු රැසක් අනාවරණ වී මෙරටින් මත්ද්‍රව්‍ය ජාවාරම මුලිනුපුටා දැමීමට පොලිස් දැල සූක්ෂමව එළමින් පවතින නිසාවෙනි.

ඒ අනුව 2024.07.03 වන ඊයේ දින පොලිස්පතිතුමා සියළු පොලිස් කොට්ඨාස ලිපියකින් අමතමින් නව වැඩපිළිවෙලක් සමඟින් යුක්තිය මෙහෙයුම තීව්‍ර කිරීමට උපදෙස් ලබාදෙන ලදී.

පොලිස් විශේෂ කාර්යය බලකාය හා යුධ හමුදාවද සම්බන්ධකරගනිමින් ඒකාබද්ධ වැටලීම් සඳහා උපදෙස් ලබා දී ඇත. අත්අඩංගුවට ගත් පසු ඇප ලබා පැමිණ නැවත ජාවාරමෙහි නිරත ජාවාරම්කරුවන් සම්බන්ධව විස්තර ඇතුලත් බුද්ධි වාර්තා පොලිස් කොට්ඨාස වෙත ලබාදී තිබේ. පොලිස් ස්ථාන මගින් වැටලීම් කණ්ඩායම් සන්නද්ධකර ක්ෂේත්‍රයට දෛනිකව යොමුකිරීමට උපදෙස් ලබා දී ඇත.

-මත්ද්‍රව්‍ය භාවිතයට නැවත යොමු වන ඔබ, ජාවාරම් සිදුකරන ඔබ නැවත නැවතත් සිතා බැලිය යුතුය. ශ්‍රී ලාංකීය සමාජය ඔබේ පටු ලාභ අරමුණු සඳහා විනාශයට යොමුකර අත්අඩංගුවට පත්ව ජීවිතාන්තය දක්වා බරපතල වැඩ සහිතව සිර දඩුවම් විදිනවාද, ශ්‍රී ලංකා පොලිසියට මත්ද්‍රව්‍ය මව්බිමෙන් තුරන්කිරීමට සහය ලබා දෙමින් යහපත් පුරවැසියන් ලෙස ජීවත්වෙනවාද කියා….-