“යුක්තිය” මෙහෙයුම ත්‍රීව්‍රකිරීමට පොලිසියට උපදෙස්, පොලිස්පතිතුමා කොළඹ ප්‍රදේශ රැසක ජනතාව හමුවීමට ක්ෂේත්‍ර සංචාරයක

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා 2024.07.03 වන ඊයේ දින සියළු පොලිස් කොට්ඨාස ලිපියකින් අමතමින් නව වැඩපිළිවෙලක් සමඟ යුක්තිය මෙහෙයුම තීව්‍ර කිරීමට උපදෙස් ලබාදෙන ලදී.

හඳුනාගෙන ඇති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 92%ක් අත්අඩංගුවට ගෙන ඇති පසුබිමක සමාජයෙහි “යුක්තිය” මෙහෙයුම පිළිබඳව පවතින මහජනමතය වඩාත් හොදින් විමසා බැලීම සඳහා පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා 2024.04.07 වන අද දින අළුයම වැල්ලම්පිටිය ලක්සිරි සෙවන, බොරැල්ල ටි 20 වත්ත, කෙසෙල්වත්ත සාංචිආරච්චිවත්ත යන ප්‍රදේශයන්හි සංචාරයක නියැළුනි.

එහිදී එම ප්‍රදේශයේ ජනතාව ගරු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මැතිතුමා සහ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් ගෙන යන මෙම ක්‍රියාදාමය පොලිස්පතිතුමා ඉදිරියේ පැසසුමට ලක් කළ අතර පොලිස්පතිතුමන් එම ජනතාවගෙන් තවදුරටත් ජාවාරම්, අපරාධ මැඩලීමට අවශ්‍ය සහය අපේක්ෂාකලේය.