‘’ධනාත්මක චින්තනය හා ආකල්ප වර්ධනය” මැයෙන් මනෝවිද්‍යා උපදේශණ  වැඩමුළුවක්

පොලිස් පවුල් සුභසාධක සංගමයේ හා පොලිස් සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිණිය වන නීතිඥ අනුරාධා විජයවර්ධන මැතිණියගේ සංකල්පයකට අනුව, එතුමියගේ ප්‍රධානත්වයෙන් ‘’ධනාත්මක චින්තනය හා ආකල්ප වර්ධනය’’ මැයින් මනෝවිද්‍යා උපදේශණ  වැඩමුළුවක් 2024.06.29 වන දින උදෑසන 0930 ට කොළඹ 05, පොලිස් පවුල් සුභසාධක සංගමයේ උත්සව ශාලාවේදි පවත්වන ලදී.

වැඩමුළුව පැවැත්වීමේ ප්‍රධාන අරමුණ වූයේ  එම සුභසාධක සංගමය මගින් පවත්වාගෙන යනු ලබන ‘’ටයිනි ටොට්ස්’’ පෙරපාසැල් ත්‍රිත්වයේ ගුරු භවතුන්ගේ,  ප්‍රජාපොලිස් කොට්ඨාශය මගින් පවත්වාගෙන යනු ලබන බොරැල්ල ලක්විදු පෙරපාසලේ ගුරුභවතුගේ සහ පොලිස් පවුල් සුභසාධක සංගමයේ මැහුම් කර්මාන්තශාලාවේ සේවක මහත්මීන් ඇතුලු කාර්යය මණ්ඩලයේ නායකත්ව ගුණාංග, පෞර්ෂත්වය, කාර්යක්ෂමතාවය තවදුරටත් වර්ධනය කිරීමය.

පොලිස් පවුල් සුභසාධක සංගමයේ අනුග්‍රහය යටතේම පැවැත්වූ මෙම උපදේශණ වැඩමුළුව සඳහා සම්පත් දායකත්වය  ලබාදෙමින් ප්‍රවීණ දේශක හා විශ්වවිද්‍යාල බාහිර කථිකාචාර්‍යය  ආචාර්‍යය තමරා අමරාංගනී මහත්මිය විසින් වැඩමුළුව මෙහෙයවන ලදී.

පොලිස් සුභසාධක කොට්ඨාශයේ සහකාර පොලිස් අධිකාරි නිල්මිණි කරුණාරත්න මහත්මිය, සංගමයේ විධායක කමිටුවේ කමිටු සමාජික මහත්මීන් ඇතුලු පිරිසක්ද මෙම වැඩමුළුව සදහා සහභාගී විය.