නිව්යෝර්ක් නුවරදී ගරු මහජන ආරක්ෂක අමාත්‍යතුමා සහ පොලිස්පතිතුමා විශේෂ රැස්වීමක

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික රටවල් වල පොලිස් ප්‍රධානීන්ගේ විශේෂ රුස්වීමක් 2024.06.26 දින සිට 29 දින දක්වා ඇමරිකාවේ නිව්යෝර්ක් නගරයේ එක්සත් ජාතීන්ගේ සංවිධාන මූලස්ථානයේදි පැවැත්විණි.

මෙම රුස්වීම සඳහා මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මැතිතුමා, පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතා සහ නියෝජ්‍ය පොලිස්පති සිසිරකුමාර යන මහත්වරුන් සමග සහභාගි විය.

විදෙස්ගතව සිට ශ්‍රී ලංකාවේ අපරාධ මෙහෙයවන අපරාධකරුවන්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගෙන ගෙන්වා ගැනීම සම්බන්ධව සහ විදේශයන්හි සාම සාධක සේව සඳහා ශ්‍රී ලංකා පොලිසියේ පොලිස් නිලධාරින් වැඩි ප්‍රමාණයකට අවස්ථාව ලබාගැනීම සම්බන්ධව එහිදී එක්සත් ජාතින්ගේ සංවිධානයේ නිලධාරින් සමග සාකච්ඡා පවත්වා ඇත.