සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වන ව්‍යාජ ලිපියක්

ධර්මචක්‍රය සහිත නිල් පැහැති පොලිස් අත් ලාංඡනයක්, රබර් මුද්‍රාවක් හා පොලිස් නිල ලාංඡනය සහිතව කහ පැහැති පසුබිමේ CENTRAL OFFICE FOR THE FIGHT AGAINST CRIME RELATED TO INFORMATION AND COMMUNICATION TECHNOLOGY යන මැයෙන් CONVACATION – සම්මන්ත්‍රණය හා 2024 ජූලි 01 ලෙස ස‍ඳහන් කර ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් නිකුත් කල බවට හැඟවෙන ආකාරයේ ඉංග්‍රීසි භාෂාවෙන් සකස් කරන ලද ව්‍යාජ ලිපියක් සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වෙමින් පවතී.

මෙම ලිපිය හා එහි අන්තර්ගතය සම්පූර්ණයෙන්ම ව්‍යාජව සකස් කරන ලද ලිපියක් වන අතර, ශ්‍රී ලංකා පොලිසිය මඟින් හෝ ඊට අනුබද්ධ ආයතනයක් මඟින් මෙවැනි ලිපියක් නිකුත් කර නොමැති බවට හා ඒ සඳහා නොරැවටෙන්න

මෙම ව්‍යාජ ලිපිය සකස්කර ඇත්තේ කවුරුන්ද, ලිපිය අන්තර්ජාලයට, සමාජ මාධ්‍ය ජාලා වෙත යොමු කර ඇත්තේ කවුරුන්ද යන්න සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් මේ වන විට විමර්ශනයක් ආරම්භ කර ඇති අතර අදාල සැකකරුවන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිතය.