පොලිස් නිලධාරියෙකු රෝහල් ගතකරමින්,වියපත් අයෙකු දිවන්ගත කෙරූ අලි ප්‍රහාර

අම්පාර රාජ්‍ය පොසොන් කලාපයේ විශේෂ රාජකාරි සඳහා පිටව ගොස් බුද්ධංගල ආරණ්‍ය සේනාසනයද වැඳපුදා ආපසු පැමිනෙමින් සිටි සූරියපුර පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන පොලිස් කොස්තාපල් 84128 වසන්ත නිලධාරියා එම ආරණ්‍ය සේනාසනයේ දෙවන ශාලාව අසලදී 2024.06.24 වන දින දහවල් අලියෙකුගේ ප්‍රහාරයකට ලක්වී ඇත.

තුවාල ලැබූ නිලධාරියා අම්පාර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.

බක්මීවැව අඹන්පොල පදංචි පුද්ගලයෙකු, වන අලිප්‍රහාරයකින් මිය ගොස් ඇත්තේ 2024.06.23 වන දින රාත්‍රී 7 ට පමණ බක්මීවැව විහාරස්ථානයේ ආගමික වැඩසටහනකට සහභාගී වී ආපසු නිවස බලා එමින් සිටියදීය.

වයස අවුරුදු 65 ක් පමණ වූ මරණකරුගේ මෘත දේහය පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සිදුකිරීම සඳහා ගල්ගමුව මූලික රෝහල වෙත ඇතුලත් කර ඇත.